ට්‍රැක්ටරයට පොල් කොට පටවද්දී කොටයක් හිසට වැටී තරුණයා මරුට

43

කපන ලද පොල්කොටන් ට්‍රැක්ටරයකට පටවමින් සිටියදී පොල් කොටයක් හිස මතට වැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු ඊයේ (15 දා) උදෑසන මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල, වලුගොල්ල පදිංචි පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ සේවය කරන වී. එම්. අමිත් සුසන්ත නමැති අවිවාහක තරුණයෙකි. හෙතෙම වැල්ලවාය, මල්වත්තාවෙල වැලිආර ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් තවත් කිහිපදෙනකු සමඟ කපන ලද පොල් කොටන් තොගයක් ට්‍රැක්ටරයකට පටවමින් සිටියදී පටවන ලද පොල් කොටයක් ආපස්සට පෙරළී ඔහුගේ හිසේ ගැටී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment