කදීර්ගාමර් හා කේතීශ් ප‍්‍රභාකරන්ගේ වෛරයට ගොදුරු වූයේ අද වැනි දිනකදී ය

405

ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයකු, සැබෑ දේශපේ‍්‍රමියකු මෙන්ම අසහාය රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා ඝාතනයට ලක් වූයේ 2005 වසරේ අගෝස්තු මාසයේ අද (12දා) වැනි දිනකදී ය.

කදීර්ගාමර් හා කේතීශ් ප‍්‍රභාකරන්ගේ වෛරයට ගොදුරු වූයේ අද වැනි දිනකදී ය

එතුමා කොළඹ 07 බුලර්ස් පාරේ පිහිටි තම පෞද්ගලික නිවසේ නාන තටාකයෙන් ගොඩවන විට අසල නිවසේ සැඟවී සිටි කොටි ස්නයිපර් තුවක්කුකරුවාට බිලි විය. කොටි සංවිධානය සමඟ සටන්විරාම ගිවිසුම ක‍්‍රියාත්මක වෙද්දී ප‍්‍රභාකරන් මේ දේශපේ‍්‍රමී දෙමළ නායකයා විනාශ කිරීමට සැහැසි විය.

1932 අපේ‍්‍රල් 12 වැනිදා කොළඹදී උපත ලැබූ කදීර්ගාමර් මහතා එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බිහි වූ නිර්භීතම විදේශ ඇමැතිවරයා ද වේ.

වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමට කටයුතු කළේ ද එතුමා ය.

එසේම තවත් වැදගත් දමිළ දේශපේ‍්‍රමියකු වූ කේතීශ්වරන් ලෝගනාදන් මහතා ද කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබුවේ 2006 වසරේ අද වැනි දිනකය. රජයේ සාම මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ඒ මහතා කොටි තුවක්කුකරුවන්ට බිළිවූයේ දෙහිවල තම නිවස ඉදිරිපිටදී ය. ඊ.පි.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ඒ මහතා දෙමළ සන්නද්ධ කණ්ඩායම් නියෝජනය කරමින් තිම්පු සාකච්ඡුාවලට පවා එක් වී තිබිණි.

කදීර්ගාමර් හා කේතීශ් ප‍්‍රභාකරන්ගේ වෛරයට ගොදුරු වූයේ අද වැනි දිනකදී ය

කොටි සැහැසිකම් විවේචනය කළ නිසා එතුමා ප‍්‍රභාකරන්ගේ වෛරයට පාත‍්‍රවිය.

කදීර්ගාමර් හා කේතීශ් ප‍්‍රභාකරන්ගේ වෛරයට ගොදුරු වූයේ අද වැනි දිනකදී ය



ඝාතනයෙන් පසු එතුමාගේ බිරිය පොලිසියට පවසා තිබුණේ තම සැමියාට සිටි එකම සතුරු කණ්ඩායම කොටි සංවිධානය පමණක්ම බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment