අක්කා සහ නංගීගේ මළ සිරුරු දැරණියගල නිවසකින් හමුවෙයි

373

දැරණියගල මල්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් අන්දමින් මියගොස් සිටි අක්කා නගෝ දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (2 දා) දහවල් සොයාගත් බව දැරණියගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ වල්පොල රාළලාගේ දිමුතා වසන්ති (51) හා ඉහළ වල්පොල රාළලාගේ මුදිතා ලක්මාලි (49) නමැති දෙසොහොයුරියන් බවද පොලිසිය කියයි.

මෙම මළ සිරුර හමුවන අවස්ථාවේ නිවසේ තවත් කාමරයක මෙම දෙසොහොයුරියන්ගේ 90 වියැති මවද සිට ඇති අතර ඇයව රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත්හ.

මියගිය දෙසොහොයුරියන්ගේ සිරුරුවලින් දුඟඳ හමමින් තිබූ බවත් මොවුන් මීට දින දෙකකට උඩදී මියයන්නට ඇති බවට සැකකරන බවත් පොලිසිය කියයි.

මෙම දෙසොහොයුරියන්ගෙන් එක් තැනැත්තියක මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන්නියක බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.

මෙම දෙසොහොයුරියන් කිසියම් අයකු ඝාතනය කළේද? එසේත් නොමැති නම් දිවි නසා ගැනීමක්ද? යන්න සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකෙරේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සෝමචන්ද්‍ර යකන්දාවල

advertistmentadvertistment
advertistmentadvertistment