පළාත් සභා ජයග‍්‍රහණයත් සමග සජිත් ජනාධිපති කිරීමේ ගමන අරඹනවා

121

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට අභියෝග කරන බවත් එම මැතිවරණය පැවැත්වුවහොත් ඉන් ලබන ජයග‍්‍රහණයත් සමග විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධුරයට පත් පත් කිරීමේ ගමන අරඹන බව ස.ජ.බ. මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (06දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ගෑස් අර්බුදය විසඳන්න මාස හතරක් යනතුරු මේ රජයට බැරි වෙලා. මේ වෙනවිට මේ රටේ ජනතාව ආහාර ටික උයන්නේ බයවෙලා .1000ට වැඩිය අද වෙන විට ගෑස් ටැංකි නිසා පිපිරීම් ඇති වුණා. හත් දෙනෙක් මැරිලා. කවුද මේකට වගකියන්නේ එහිදී මේ බාල ගෑස් ගෙනාපු ඒවා සංයුතිය වෙනස් කරපුවා. විශේෂඥ කණ්ඩායම කියලා තියෙනවා සංයුතිය වෙනස් කරපු නිසා මේ පිපිරීම් ඇති වෙන්නේ කියලා. මේ අය කියලා තියෙනවා ගෑස්වල සංයුතිය වෙනස් වුණා. නැව්වල ඉතුරුවෙන බාල ගෑස් ටික ගත්ත නිසා තමයි මේ ප‍්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ කියලා. ආණ්ඩුව මේ වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග මොනවාද කියලා අපි අහනවා.

රටේ අර්බුදයක් තිබියදී එක පැත්තකින් ගොවියට පොහොර ටික නැහැ. ගොවිතැන විනාශ වෙලා. විශාල සාගතයකට ආහාර අර්බුදයකට රට මුහුණදීල තියෙනවා. අනිත් පැත්තෙන් ගෑස් ටික නැහැ. අනිත් පැත්තෙන් නැව් ටික වරායෙන් නිදහස් කරගන්න බැරුව පෝලිම්. කිරිපිටි පෝලිම දවසෙන් දවස වැඩි වෙනවා. රාජ්‍ය නායකයා යද්දි පෝලිමේ මිනිස්සු හූ කියන්න පටන්අරගෙන. එහෙමයි ජනතාවගේ විරුද්ධතාවය පෙන්වන්නේ. එහිදී මොකක්ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කිව්වේ? ජනාධිපතිවරයා සම්බන්ධ විවේචනය කළොත් අත්අඩංගුවට ගන්න පියවර ගන්නවා කියනවා. ජනාධිපති ගිහින් තියෙනවා මීමුරේ ‘ගම සමග පිළිසඳරකට’. එහිදී මේ සම්බන්ධව ගමට පොරොන්දු වෙලා තියෙනවා අහවල් ඉස්කෝලේ හදනවා. පාර හදනවා කියලා. ගමේ නායකයෙක් යූ ටියුබ් නාලිකාවකට ගිහින් කියලා ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරෙන් පොරොන්දු වූ දේවල් ඉටු වුණේ නැහැ කියලා. අද මොකක්ද එතකොට කරන්නේ? මේ ගැමියන්ගෙන් පොලිසිය ගිහින් කටඋත්තර ගන්නවා. මේකයි අද රටේ තත්ත්වය. බඩු නැහැ. කන්න නැහැ. කිරිපිටි ගෑස් සීනි පෝලිම්. අනිත් පැත්තෙන් හාල් මිල අහස උසට නැගලා. එළවළු රුපියල් 500ට වැඩියි. මේවා කතා කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න ඕන. මාස එකහමාරක් පාර්ලිමේන්තුව කල් තබලා. පසුව නිකන් හිටියේ නෑ. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාට විකුණුවා සල්ලි අච්චු ගහනවා. මොකක්ද මේ කරන්නේ ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලනවා පාර්ලිමේන්තු කැඳවන්න. මුදල් පාලන බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. රටේ දේපළ විකුනනවා නම් පාර්ලිමේන්තුව දැනගන්න ඕන. සල්ලි අච්චු ගහනවා නම් පාර්ලිමේන්තුව දැනගන්න ඕන. තුනෙන් දෙකක බලයක් තිබුන කියලා ඒ සියල්ල කරන්න බැහැ. එම නිසා කරුණා කරලා පාර්ලිමේන්තුව කැඳවන්න. මාධ්‍යයෙන් අපි ඉල්ලනවා මාධ්‍යයත් මීට වැඩි වගකීම ඉෂ්ට කරන්න. අද ආණ්ඩුවේ මාධ්‍යවේදීන් සීඅයිඞී එකට ගෙනැවිත් ප‍්‍රශ්න කරන තත්වයට ඇවිත්. ආණ්ඩුවට බැරි වෙනකොට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දවසින් දවස විනාශ වෙනවා.

ආණ්ඩුව ඇයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සල්ලි ගන්නෙ නැත්තේ? එසේ ගත්තොත් කොමිස් ගහන්න වෙන්නේ නැති නිසා. කොන්දේසි තියෙනවා හැබැයි වැඩි පොලියට පෞද්ගලික බැංකුවලින් සල්ලි ගත්තම කොමිස් එක ගහන්න පුළුවන්.

ජී.එල්. පීරිස් ඇමැතිවරයා යූ.එන්. එකට ගිහින් කිව්වා පළාත් සභා මැතිවරණ තියෙනවා කියලා. අපි දන්නෙ නැහැ ඉන්දියාවෙන් බිලියන 1.9 ගනිද්දි පොරොන්දුව පළාත් සභා මැතිවරණයද කියලා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පළාත් සභා මැතිවරණය තියන්න. ඒ ජයග‍්‍රහණයත් එක්ක තමයි මේ රටේ සමගි ජන බලවේගය සජිත් පේ‍්‍රමදාස කියන නායකත්වයත් සමග මේ ගමන යන්නේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා

රටේ මුදල් ඇමැති අයවැය ඉදිරිපත් කරන්න කලින් දළදා මාලිගාවට ගිහින් කිව්වා මේ අයවැයෙන් ජනතාවට දෙන්න දෙයක් නැහැ. ගන්න දෙයක් තියෙන්නෙ කියලා. අයවැය සම්මත වෙලා මාසයක් යන්න කලින් එතුමා රුපියල් බිලියන 229ක සහන පැකේජ් එකක් දෙනවා. ඕන කෙනෙකුට හිතෙනව ආර්ථිකය අමාරු වෙලාවක් බඩු මිල ජීවන වියදම ඉහළ ගිහින් තියෙන වෙලාවක් හොඳයි කියලා. නමුත් එතුමාගෙන් මාධ්‍යවේදීන් අහන කොට මේ ලබාදෙන සහන සඳහා වූ ආදායම කොහෙන්ද කියලා ඒ ආදායම එන විදිහ එතුමට කියාගන්න විදිහක් නැහැ. ඒ ආදායම දෙන විදිය කියන්නේ නැතිව වියදම වැඩි කරන විදිය පෙන්වනවා නම් ඒකෙන් තේරෙන්නේ ආදායමක් නැතිව මහ බැංකුව සල්ලි අච්චු ගහලා තමයි මේ සහන දෙන්න හදන්නේ කියලා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා සහන දෙන එක සාධාරණද?

අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි මේක කළේ ඇත්තටම සහන දෙන්නද එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා උද්ධමනය වැඩි වෙලා බඩ මිල වැඩි වුණත් කමක් නෑ ඕන දෙයක් රටට වෙච්චිදෙන් අපි පළාත් සභා ඡුන්දය අපේ‍්‍රල් මාසයේ පමණ කියන්න බලාගෙන ඡුන්දේ දිනන්නද කළේ කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment