ඩෙංගු රෝගීන්ගෙන් 25% ක්ම පාසල් දරුවෝ

90

සුදුසු මදුරු විකර්ශකයක් ශරීරයේ ගල්වා දරුවන් පාසල් එවන්න

  • වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු

අද පාසල් පටන් ගන්නා දවසේ දරුවන් පාසල් එවනකොට දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා පාසලට එවන්න. ඩෙංගු වසංගතය ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් යැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා ‘දිවයින’ ට ඊයේ (11 දා) පැවසීය.

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් දකින බවත් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම්කර ඇති බවත් හෙතෙම කීය.

මෙම වසරේ ද මේ දක්වා (ජුනි 11 දක්වා) කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 42,961 ක් වාර්තා වන බවත්, එම කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වන බවත් පැවසූ ඒ මහතා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 21,435 ක් බවත් පැවසීය.

පසුගිය වසරේ (2022) දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 76, 689 ක් වාර්තා වූ අතර එම වසරේ ඩෙංගු මරණ 72 ක් සිදුව ඇත.

මේ අතර මුළු ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක්ම පාසල් දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment