කාලගුණයේ වෙනසක්

288

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවය. එම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. එය හෙට (04) වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බර ව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එමෙන්ම උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

advertistmentadvertistment
advertistmentadvertistment