ශ්‍රීලනිප 72 වැනි සමුළුවට අගමැතිත් එක්වේ

124

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී, පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පැවැත්විණි. මෙවර සමුළුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගිවී සිටීම විශේෂත්වයක් විය.

පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ශාන් විජේලාල් ද සිල්වා, මහින්ද අමරවීර, රෝහණ ලක්‍ෂ්මන් පියදාස, දුෂ්මන්ත මිත්‍රපාල, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ඩී. වීරසිංහ හා ආරාධිතයන් ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ද, චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරු, සෙසු පක්‍ෂ නියෝජිතයන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ද එක්ව සිටියහ.

සංවත්සර කමිටුවේ සභාපති ශාන් විජේලාල් ද සිල්වා මහතා පිළිගැනීමේ කතාව කළ අතර සර්ව ආගමික වතාවත් කිරීමෙන් සමුළුව අරඹිණි. සංස්කෘතික අංග ද වරින් වර සමුළුව විචිත්‍රණය කළේය.

ආචාර්ය චන්න ලියනගේ මහතා මෙහිදී විශේෂ දෙසුමක් පැවැත්වීය.
අරුණ බෝගහවත්ත,ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment