ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් 20 අතරට

532

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරින් හොඳම 20 දෙනා අතරට පත් වී තිබේ.

ඒ සඳහා නන්දලාල් වීරසිංහ මහතා තේරීපත්ව ඇත්තේ ජාත්‍යන්තර ‘ග්ලෝබල් ෆිනෑන්ස්’ (Global Finance) නම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයකට අනුවය. ඔවුන් වර්ෂ 1994 සිට අඛණ්ඩව සිදු කෙරෙන ගෝලීය මහ බැංකුකරුවන් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික ක්‍රියාවලියේදී ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් මහතා A ශ්‍රේණියේ පළමු ස්ථානය ලබා ගනිමින් මේ වසරේ (2023) ලොව හොඳම මහ බැංකු අධිපති ලෙස කිරුළ ලබා තිබේ. මේ අතර A ශ්‍රේණිය ලබා ලොව සෙසු හොඳම මහ බැංකු අධිපතිවරුන් විසි දෙනා අතරට ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද තේරී පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීමට සැලකිල්ලට ගෙන ඇත්තේ රටේ උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය යනාදී කාරණායි.මෙහීදි A සිට F දක්වා ශ්‍රේණින් ලබා දෙන අතර ‘A’ යන්නෙන් විශිෂ්ට කාර්ය සාධනය නියෝජනය කරනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment