සංචාරකයන් සඳහා කොළඹ වරායේ මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර

98

ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයන් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18වැනිදා) කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේ දී ය.

තව දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පසුගිය වර්ෂවල දී ලබාගත් තොරතුරු අනුව සංචාරක මගී නෞකා කොළඹ වරායට විශාල වශයෙන් පැමිණ තිබෙනවා. නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත්, පසුගිය දිනවල රටේ ඇති වූ ආර්ථික අස්ථාවරත්වයත් හේතුවෙන් මෙම මගී නෞකා පැමිණීම නැවතී තිබෙනවා. නමුත් ඉදිරියේ දී එළැඹෙන සංචාරක සමය ඉලක්ක කරමින් සංචාරකයන්ගේ ආකර්ශනය ලබා ගන්නා අයුරින් මෙම මගී පර්යන්තය ඇතුළු පරිශ්‍රය නවීන පහසුකම්වලින් සමන්විතව සැකසිය යුතුයි.

නවීන පහසුකම් සහිත වායුසමනය කරන ලද නැවතීම් ශාලාවක්, සනීපාරක්ෂක පහසුකම්, ආකර්ශනීය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්, ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි. මගී නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවේ සියලු නැව් සමාගම් හා නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබෙනවා. වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කොට්ඨාසය විසින් අන්තර්ජාලය ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතුයි. විශේෂයෙන් රජය විසින් ආරම්භ කර තිබෙන මෙරට ට විදේශ විනිමට ලබා ගැනීමේ වැඩපිළිවෙළට වරායේ දායකත්වය ලබා දීමට කැප වී කටයුතු කරනවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන්

අල්ගේවත්තගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment