එලායන්ස් ෆිනෑන්ස් සමාගම සහ MMBL Money Transfer (Pvt) Ltd” උත්සවයේදී නිල ගිවිසුම් හුවමාරු කරගනිමින්…

එලායන්ස් ෆිනෑන්ස් සමාගම තම මූල්‍ය සේවා කලඹ තව දුරටත් වර්ධනය කරගනිමින් AFC රෙමිටන්ස් නමින්, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවට එලඹෙන ලදී.

එහිදී, දිවයින පුරා පිහිටි සියලු‍ම AFC ශාඛාවන්ගෙන් Western Union, Money Gram සහ Ria යන සන්නාමයන් ඔස්සේ පාරිභෝගිකයින් හට විදේශ මුදල් ප්‍රේෂණ සේවාව ලබාගත හැක.

2024 පෙබරවාරි මස 07 වන බදාදා දින රාජගිරියේ පිහිටි එලායන්ස් ෆිනෑන්ස් ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විය. මෙම උත්සවය සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය සභාපති, රොමානි ද සිල්වා මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක කුසල් ජයවර්ධන මහතා, ප්‍රධාන වාණිජ නිලධාරී, අජන්ත කුමාර මහතා ඇතුලු‍ කළමණාකාරිත්වය සහභාගී විය. එමෙන්ම Western Union” Money Gram සහ Ria යන සන්නාමයන් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය වන MMBL Money Transfer (Pvt) Ltd ආයතනය නියෝජනය කරම්න් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය එක් වූහ. එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සහ MMBL සමාගම ගිවිසුම් ගත වීමද මෙහිදී සිදුවූ අතර එයට සමගාමීව ගණුදෙනුකරුවන් දෙදෙනෙක් AFC රෙමිටන්ස් වෙතින් ප්‍රථම ප්‍රේෂණ සේවාව ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment