තැපැල් කාර්යාල කීපයක් සාමාන්‍ය පරිදි වැඩ කළා- තැපැල්පති

95

ප්‍රධාන කාර්යාලය ඇතුළු තැපැල් කාර්යාල කිහිපයක් සාමාන්‍ය පරිදි ඊයේ (08 දා) විවෘත කර තිබූ බවට වාර්තා වූවා යැයි තැපැල්පති එස්. ආර්. සත්කුමාර මහතා ඊයේ (08 දා) පැවසීය.

ඊයේ ක්‍රියාත්මක වූ තැපැල් සේවක වර්ජනය පිළිබඳව විමසීමේදී ඔහු මේ බව කීවේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 07 ක පාඩුවක් පැවැති බවත්, එම පාඩුව රුපියල් බිලියන 03 කට පමණ අඩු කර ගැනීමට සැලසුම් කර තිබූ බවත් ඔහු කීය.

මේ වසර තුළ පාඩුව රුපියල් බිලියන දෙකයි දශම හයක් (2.6) දක්වා අඩු කර ගන්නා ලෙස රජයෙන් දැනුම් දී තිබූ බවත් එම ප්‍රමාණය ද ඉක්මවා බිලියන තුනයි දශම පහක් (3.5) දක්වා මේ මාසය වනවිට අඩු කර ගැනීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment