කොළඹ 60%‍ කට යනඑන මං නෑ…. පුරපතිනිය කියයි

244

කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගෙන් 60% කගේ ජීවනෝපාය මාර්ග සියල්ලම මේ වන විට අහිමි වීමෙන් අන්ත අසරණවී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

එම නිසා ජනතාවට තවත් බර පැටවීමෙන් වලකින්නැයි නගරාධිපතිනිය රජයෙන් ඉල්ලා සිටියාය.

කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභීනී සහ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා වියලි සලාක මලූ 1,15,000 ක් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වූ අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.
නගරාධිපතිනිය මෙසේද කියා සිටියාය.

කොළඹ නගරයේ ජනතාවගෙන් 60% ක් පමණ සිටින්නේ දෛනික වැටුපෙන් ජීවත්වන පිරිසක්. ඒ අයට මේ වන විට තම ජීවනෝපාය මාර්ග අහිමිවෙලා තියෙනවා. මෙම පෞද්ගලිකව මැදිහත් වෙලා. නගර සභාව හරහා සිදු කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති
ගණනාවක් නතර කරලා ජනතාවගේ බඩගින්න නිවන්න හිතුවා.

ඒ අනුව කොළඹ නගරයේ පවුල් 1,15,000 ක් සඳහා වියලි ආහාරමලූ ලබාදීමට කටයුතු කළා. මේ වෙලාවේ දේශපාලනය කරනවාට වැඩිය වැදගත් වෙන්නේ ජනතාවගේ බඩගින්න නිවන එකයි. මේ වෙලාවේ ජනතාවට ලබාදිය හැකි සාමාන්‍ය පහසමුකම් හැකි අයුරින් ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment