අවුරුදු දින තුනේ දෙහිවල සතුන් වත්තට ලක්ෂ 47ක ආදායමක්

63

දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය ‘දිවයින’ට ඊයේ (16දා) පැවසුවාය.

අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බවද ඇය කියා සිටියාය.

ඒ අනුව 13 වැනිදා රුපියල් ලක්ෂ 13ක ආදායමක්ද, 14 වැනිදා රුපියල් ලක්ෂ 16ක ආදායමක්ද, 15 වැනිදා රුපියල් ලක්ෂ 18ක ආදායමක්ද උපයා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයිද මානවඩු මහත්මිය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පියසිරි ආරියරත්න, බොරලැස්ගමුව – ඥානතිස්ස ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment