තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ලිහිල් වෙයි

324

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත්වීමට නියමිතව තිබිණි.

කර්මාන්ත අංශවලට අවශ්‍ය භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් මේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

ඉකුත් ජුනි මාසයේදී රජය භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කළ අතර ඒ අනුව ආනයන සීමාවලට ලක්වන භාණ්ඩ ලැයිස්තුව 1216 දක්වා අඩුවී තිබිණි. ඊයේ රාත්‍රියේ තවත් භාණ්ඩ 328ක් ආනයන සීමාවලින් ඉවත් කිරීමත් සමග එම භාණ්ඩ ලැයිස්තුව 900ක් පමණ දක්වා තවදුරටත් අඩුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment