උ/පෙළ මෙවර බලන්නේ 40% – ඇමති සුසිල්

172

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ පැමිණීම සියයට අසූවක් නොව සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

රටේ පැවැති කොවිඩ් තත්ත්වය සහ කලබලකාරී වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය. එහිදී මෙසේ ද කීය.

මීට පෙර නිකුත් කළ 2023/7/17 ලිපිය අනුව උසස් පෙළ පාසල් අයැදුම්කරුවෙක් සියයට 80ක පැමිණීමේ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ කියලා දැනුම් දුන්නා. නමුත් 2020 – 2021 වර්ෂ දෙකේදී බලපාපු කොවිඩ් -19 තත්ත්වය නිසා, ඉන්පසු පසුගිය වර්ෂයේ දී රටේ ඇති වූ නොසන්සුන්තාවය නිසා සමහර පාසල් දරුවන්ට නියමිත ආකාරයෙන් පාසල් යන්න නොහැකි වුණා.

ඒ නිසා මේ කරුණු සලකා බලා නැවත අපි ලිපියක් නිකුත් කළා. සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් පාසල් මට්ටමෙන් තීරණ ගැනීමට උපදෙස් ලබා දුන්නා.

එහිදී 2023 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ෂයට පමණක් සීමාවෙන ආකාරයට අවම මට්ටම 40%ක් ලෙස සලකා කටයුතු කිරීමට අවසර ලබා දුන්නා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment