රුපියල තවත් ශක්තිමත් වෙයි

162

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (03දා) දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය.

මේ අනුව පෙරේදා (01දා) රු. 356.73 ක් වූ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ (03දා) දිනයේ දී රු. 348.03 ක් දක්වා රු. 8.70කින් සැලකිය යුතු ශක්තිමත් වී තිබේ.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය පෙරේදා (02දා) දිනයේ රු. 343.97ක් වූ අතර එය ද ඊයේ (03) වන විට රු. 334.50 ක් දක්වා ශක්තිමත් වී ඇතැයි මහ බැංකුව ඊයේ නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තා පෙන්වා දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment