බවුසරයකට යටවී දරුවෙක් මරුට

91


වාලච්චේන පොලිස් වසමේ ඕමනියා මඩු දෙසට ඇති අතුරු මාර්ගයක ධාවනය වූ ජල බවුසරයකට යටවීමෙන් 6 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම ජලබවුසරය මාර්ගයේ නවතා පසු පසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පාපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

පාපැදියේ ළමුන් දෙදෙනෙකු ගමන්කර ඇති අතර එක් දරුවෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 06 හැවිරිදි රීදිනැන්න පුනානි ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment