රැඳවියෝ 754 ක් නිදහස්

32

76 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ රැඳවියන් 754 දෙනකු නිදහස් කිරීමට ඊයේ (4 දා) පියවර ගෙන ඇත.

කාන්තා රැඳවියන් 25ක් සහ පිරිමි රැඳවියන් 729ක් මේ අතර සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා ඊයේ (04 දා) පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධානාත්මක අපරාධ, මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු ගණයේ අපරාධවලට අයත් නොවන පිරිස මෙසේ නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment