පරාටේ අත්හිටෙව්වත් උසාවි යන්න බාධාවක් නෑ – ඇමැති රංජිත් සියඹලාපිටිය

59

පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබූවත් ගනුදෙනුකාර පාර්ශ්වයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැංකුවලට ඇති අයිතියට එමගින් බලපෑමක් නොවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමෙන් බැංකු පද්ධතියට සිදු වන හානිය පිළිබඳ මහ බැංකුව මගින් නිරීක්ෂණය කරනු ලබන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

පරාටේ නීතිය ක්‍රියාත්මක වන්නේ රුපියල් මිලියන 5කට වැඩි ණය සඳහා වන අතර ඒ වෙනුවෙන් ඇප ලෙස තබා ඇති දේපොල අධිකරණමය ක්‍රියාමාර්ගවලින් තොරව අත්පත් කර ගැනීමේ හැකියාව මෙමගින් බැංකුවලට හිමිව තිබේ.

පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම 2024 දෙසැම්බර් මස 15 වැනිදා දක්වා අත්හිටුවීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත් ක්ෂේත්‍රය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment