චමරි ඉන්දියාවේ ප්‍රිමියර් ලීගයට

342

ඉන්දියාවේදී ලබන මස ආරම්භ වන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට අවස්ථාව උදා වී ඇත.

“අප් වොරියස්” කණ්ඩායමේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ඇය ගිවිසුම්ගත වී ඇති අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකාවක වන ලෝරන් බෙල් වෙනුවට චමරි ඒ අනුව ක්‍රීඩා කිරීමට නියමිතය.

ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් යටතේ චමරි එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩිකාවන් වෙන්දේසියට ලියාපදිංචි වී සිටියද, ඇයව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැත.

එහෙත් ආදේශ ක්‍රීඩිකාවක් ලෙස ඇයගේ මූලික වටිනාකම වන රුපියල් ලක්ෂ 30 ක මුදලටම අප් වොරියස් කණ්ඩායම සමග චමරි සමග මෙසේ ගිවිසුම්ගත වී ඇත.

මෙවර අයි.සී.සී. සම්මාන ප්‍රදානයේදී 2023 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ චමරි වසරේ අයි.සී.සී. එක්දින හා 20යි 20 කාන්තා කණ්ඩායම්වල නායිකාව ලෙසට ද නම් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment