උතුරේ ඛෞද්ධ සිද්ධස්ථාන ගැන ජනපතිගේ මතය

848

උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ සවස මල්වතු අස්ගිරි මහ නාහිමිවරු හමුවූ අවස්ථාවේ දීය. කරුන්දි විහාරයේ වත්මන් තත්වය ගැන මහ නාහිමිවරු වෙත කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.එහෘදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය. පළමුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීම් සිදු කළයුතුයි. ඉන් අනතුරුව අප ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනෙකුත් ආගම්වල ද ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව ද අප අවධානය යොමු කරනවා.නමුත් කිසිවෙකුට පිටතින් පැමිණ ගැටලු ඇති කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එම ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ඒ පළාත්වල ආගමික නායකයන් එකතුවී කටයුතු කරනවා නම් මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන්නේ නැහැ.ඒ වගේම නව පනත් සම්පාදනය පිළිබඳව ද මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳ මල්වතු පාර්ශවයෙන් හා අස්ගිරි පාර්ශවයෙන් සන්නසක් ලබාදුන්නා. ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම අනෙකුත් නිකායන්වලින්ද යෝජනා සහ අදහස් ඉල්ලා තිබෙනවා.නිදහසට පෙරත් විහාර දේවාලගම් පනත ගෙනවිත් මෙවැනි නීති සම්පාදනය කළේ දළදා සමිඳුන් ආරක්ෂා කරගෙන මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙනුයි. එසේම 19 වන ශතවර්ෂයේ ද මෙවැනි නීති පැවතුණා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ඉඩම් පිළිබඳ නීතියක් වසර 20කට පෙර සම්මත කර ගෙන තිබුණා. එහි සංයුතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. සෑම පළාතකින්ම එක් අයෙකු බැගින් නියෝජිතයන් 09 දෙනෙක් සහ මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් විවිධ තනතුරු දරණ 12 දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙනවා.ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතුයි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳව නිශ්චිත නිගමනවලට පැමිණිය හැකියි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට ලබා දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව එම වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment