තමා කට වහන්නේ නැතැයි විපක්ෂ නායක කියයි

109

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන වෙලාවේ විපක්ෂ නායකවරයා අනවශ්‍ය ප්‍රශ්න අසා පාර්ලිමේන්තුවේ කාලයත් මුදල් නාස්ති කරන බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට පවසා ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති බවත් එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊට හේතුව වන්නේ තමා නිවැරදිව රාජකාරිය සිදු කරන බවට පොහොට්ටු මන්ත්‍රීන් පවා පිළිගැනීම බවත් ව සදහන් කරයි.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රමසම්පාදන ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා අසාධාරණයට ලක්වූ නිලධාරීන් පිරිසක් සමඟ සිදුකළ සාකච්ඡාවක් අතරතුරය.මහජන නියෝජිතයකු ලෙස ජනතා ප්‍රශ්න ව්‍යවස්ථාදායකය තුළ ඉදිරිපත් කර ඊට විසදුම් ලබා ගැනීම තමා සිදු කරන බවත් ජනතාවගේ මුදලින් වැටුප් හා සේවා පහසුකම් මෙන්ම විවිධ වරදාන වරප්‍රසාද ලබන මහජන නියෝජිතයන්ගේ කාර්ය විය යුත්තේ එය බවත් තමා කිසිදු අවස්ථාවක පෞද්ගලික ප්‍රශ්න ඉදිරිපත් නොකරන බවත් සෑම විටම ජනතාව මුහුණ දී ඇති ගැටලු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.ජනතා මුදලින් නඩත්තු වන ජනතා නියෝජිතයකු ලෙස ජනතාව වෙනුවෙන් හඬක් නැගීම තමාගේ රාජකාරිය බවත් එය නැවැත්වීමට ජනාධිපතිට හෝ කිසිදු පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට නොහැකි බවත් එය නැවැත්වීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment