රුපියල් කෝටි 29ක මැණික් සමග කතක් අත්අඩංගුවට

219

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙනයාමට උත්සාහ කළ 30හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වී ඇත.අද උදෑසන ඇය කටුනායක සිට චෙන්නායි බලා ගමන් කිරීමට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.එහිදී ඇයගේ ඇඳුම් තුළ සඟවාගෙන සිටියදී සොයාගෙන ඇති මැණික් තොගයේ බර ග්‍රෑම් 2311.75ක් බවට අනාවරණය වී ඇත.එහි තිබූ විවිධ වර්ගයේ මැණික් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 29.1 ක් බවට ගණන් බලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment