යෝජිත විදුලි බල පනතට කැබිනට් අනුමැතිය

298


යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ පනත්කෙටුම්පතට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමල කාර්යක්ෂමතාවල විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment