අස්වැසුම හෙට සිට

122

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි සහනාධාරය, වකුගඩු රෝග සහනධාරය, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් සදහා පළමු අදියරේ සියලු දීමනා එළැඹෙන සතියේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.එහි දී අස්වැසුම දීමනා සඳහා රුපියල් බිලියන 5.4ක මුදලක්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි දීමනා හා වකුගඩු රෝගීන් සඳහා රුපියල් බිලියන 1.8ක් හා සමෘද්ධි දීමනාව හිමි වී ඇස්වැසුම ලේඛනයට ඇතුළත් නොවීම නිසා අභියාචනා විමර්ශනය වන පුද්ගලයන් සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.එසේ අභියාචනා විමර්ශනය වන පවුල් ඒකක ගණන 396,000ක් වන බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment