අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට නඩු

454


2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් කෝටි එකසිය අසූහතරකට අධික මුදලක් (රුපියල් 1,843 267,595ක් ) පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදුකළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment