රනිල් එන බව වෙලාවට කියයි

152

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට තරග කරන බවට නියමිත වේලාවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිත්‍ය වශයෙන්ම ජනපතිවරණය පවත්වනු ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත වේලාවට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු ශ්‍රී ලාංකික සමස්ත මහජනතාව තමන්ට සිදුවූ ඛේදවාචකය නැවත තමාගේ අනාගත දරු පරම්පරාවට අත්විඳීමට ඉඩ නොදීමට කටයුතු කළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා ගාල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (27දා) පැවති තරුණ ක්‍රියාකාරී හමුවේදී කීවේය.

පවතින වටපිටාව තුළ ජනාධිපතිවරයා ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් විය යුතුයි. ඒ මහතා ඒ භාරගත් වගකීම ඉදිරියට ගෙනගොස් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ලෝකය හමුවේ ඔසවා තැබිය යුතුයි යැයිද ඒ මහතා කීය.

දැනට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන්ට රටක් කරන්න පුළුවන්ද, ඔවුන්ට ලෝක නායකයන් හසුරුවමින් ලංකාව ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියා සමස්ත ජනතාව හොඳින් සිතා බැලිය යුතුයි යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment