යොහානි යළිත් බොලිවුඩය කලඹයි

523

බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය වූ යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවර්තන ගීතය ඇතුළත් ‘තෑන්ක් ගෝඩ්’ බොලිවුඩයේ නවතම චිත්‍රපටයේ වීඩියෝව නිකුත් කර පැයක් ඇතුළත එය නැරඹුම් වාර දශලක්‍ෂය පසුකර තිබේ.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ලබන ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිතය.

යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙනි.

අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ තෝරා පතේහි ඇතුළු බොලිවුඩ් ජනප්‍රිය රංගන ශිල්පීහු රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment