කායවර්ධන ශූරයාට රන් කඩුවක්

255

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන සංගමය සංවිධාන කළ කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ හර්කියුලස් ශූරතාවය හිමිකර ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ යූ. ජේ. අයි. ප්‍රනාන්දුට කායවර්ධන තරගයක ප්‍රථම වතාවට රන් ආලේපිත කඩුවක් ලබා දුන්නේය.

මෙහිදී ප්‍රවීණයන්ගේ, මිස්ටර් හර්කියුලස් සහ කාන්තා ෆිසික්ස් ඇතුළු කාණ්ඩයන් පහකින් තරගාවලිය ක්‍රියාත්මක වුණු අතර ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් තරග කළහ.

කාන්තා ෆිසික්ස් කාණ්ඩය ජය ගැනීමට එකෝ ෆ්‍රෙන්ඩ්ලි ක්‍රීඩා සමාජයේ ඊ. එන්. ටී. මැණිකේ ඒකනායක

සමත් වූ අතර මාස්ටස් තරගාවලියේ ශූරතාවය ලයිෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ එම්. එච්. හුසේන් දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment