ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

112

ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී අවුරුදු 45න් ඉහළ ඒකල තරග අංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා ඉන්දියාවේ යැස්මීන් ශේක් ලකුණු 21-7ක් සහ 21-9ක් ලෙස පරාජය කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එමෙන්ම මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මිශ්‍ර යුගල කණ්ඩායම වන රොහාන් ද සිල්වා සහ චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 110න් ඉහළ ඒකාබද්ධ තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

අවුරුදු 65න් ඉහළ කාන්තා ඒකල තරග අංශයේ ලෝකඩ පදක්කම ලක්ෂ්මි පුංචිහේවාට හිමි වූ අතර අවුරුදු 80ට වැඩි සහ අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ කාන්තා තරග අංශයේ දී චන්ද්‍රිකා සහ ලක්ෂ්මි එක්ව ලෝකඩ පදක්කම දිනා ගත්හ.

පිරිමි තරග අංශයේදී මංජුල සම්පත් ප්‍රනාන්දු අවුරුදු 45න් ඉහළ පිරිමි ඒකල තරග අංශයේ අවසන් රිදී පදක්කම දිනා ගත්තේය.

වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment