ලීග් රග්බි සිව්වැනි සතිය අද සිට

65

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ රග්බි පාපන්දු තරගාවලියේ සිව්වැනි සතියේ තරග අද (29) සහ හෙට (30) ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් පැවති තරග අතරේ තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර ක්‍රීඩා සමාජය සහ ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වෙති. ගුවන් හමුදාවට එරෙහිව මහනුවර පිල රත්මලානේ දී ද සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල ලොන්ඩන් පෙදෙසේ දී මෙම සතියේ දී තරග බිමට එක්වීමට නියමිතය.

සිකුරාදා (29)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල අතර ලොන්ඩන් පෙදෙසේ දී

යුද්ධ හමුදා පිල සහ නාවික හමුදා පිල අතර පනාගොඩ දී

සෙනසුරාදා (30)

පොලිස් පිල සහ හැව්ලොක්ස් පිල අතර බම්බලපිටියේ දී

මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලානේ දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment