ආර්ථිකය හරි පාරට ගන්න පියවර වැදගත් – මහ බැංකුව කියයි

269

ඉදිරි කාලයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා මේ වනවිට සිදුකරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම, ව්‍යාපාරවල සහ ආයෝජකයන්ගේ අපේක්‍ෂාවන් වැඩිදියුණුවීම, ආනයන සීමා ලිහිල් කිරීම සහ සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වීම යන සාධකවල බලපෑම ද ඉදිරියේදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට සහාය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මේ අතර විදේශ ඉල්ලුම් තත්ත්වයන්ගේ පසුබෑම මෑතකාලීනව අපේක්‍ෂිත ආර්ථික වර්ධනයට බලපෑම් කළ හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ පසුබිම තුළ මේ වසරේ (2023) පළමු සහ දෙවන කාර්තු දෙකේදී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ද මේ වසරේ අගභාගයේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද මහ බැංකුව විසින් පුරෝකථනය කර ඇත.

එසේම උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව නැවත හැරවෙමින් නවතම පුරෝකථන මගින් පිළිබිඹු වන පරිදි උද්ධමනය මෑතකාලීනව සියයට 5ක ඉලක්කගත අනුපාතයේ ස්ථාවර වනු ඇතැයි ද මහ බැංකුව තවදුරටත් අපේක්‍ෂා කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment