වැටුප් කප්පාදුවට එරෙහිව මිල්කෝ සේවකයෝ රාජකාරියෙන් ඉවතට

82

දැන් පත්වෙලා ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය අත්තනෝමතිකව ක්‍රියා කරනවා
ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර කැළුම්

මිල්කෝ සමාගමේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව සියලු සේවකයන් සිය රාජකාරි කටයුතු වලින් ඊයේ (13දා) උදේ සිට ඉවත් වූ බවත්, මේ අත්තනෝමතික ක්‍රියාව ඉවත් කරන තුරු සේවකයන් ඉවත් වී සිටින බවත් මිල්කෝ සමාගමට අයත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර කැළුම් මහතා දිවයිනට පැවසීය. ඒ අනුව මිල්කෝ සමාගමට අයත් අඹේවෙල, දිගන, පොළොන්නරුව සහ කොළඹ පිහිටි මිල්කෝ කර්මාන්ත ශාලාවලින් යෝගට්, කිරි පැකට් සහ චීස් නිෂ්පාදන කටයුතු මුළුමනින්ම ඇණ හිට ඇතැයි ද හෙතෙම පැවසීය. තවදුරටත් කතා කළ තුෂාර කැළුම් මහතා, දැන් පත්වෙලා ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ වැරදි තීන්දු තීරණ නිසා සමස්ත සේවකයන් 1200 දෙනකු රාජකාරි කටයුතු වලින් ඉවත් වෙලා. මේ ගැටලුව විසඳන තෙක් අපි සේවයෙන් ඉවත් වෙලා අපේ විරෝධය දක්වනවා. අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒ ගැටලු මැද අපි රාජකාරිය නිසියාකාරව කරන අතරේ වැටුප් කප්පාදුව හරිම අසාධාරණයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment