නිෂ්පාදන අපේක්ෂා යහපත් මට්ටමක

80

ඉදිරි මාස තුනේ රටේ නිෂ්පාදන කටයුතු සඳහා වූ අපේක්ෂාවන් යහපත් මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ආර්ථික කටයුතු ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ද මහ බැංකුව කියයි. එසේ වුවත් 2024 ජනවාරි සිට බලපැවැත්වෙන බදු සංශෝධන හේතුවෙන් සිය කටයුතුවලට සිදුවන බලපෑම පිළිබඳව සමාගම් අවධාරණය කර ඇති බව ද මහා බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වර්තාවක මේ බව සඳහන් වෙයි. 2023 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 57.0 ක් දක්වා ඉහළ ගියේය. සෑම වසරකම පාහේ උත්සව සමයේ දී ආර්ථික කටයුතු ඉහළ යෑම මගින් ඇතිවෙන බලපෑම මෙම දර්ශකය ඉහළ යෑම මගින් පිළිබිඹු කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment