උමාරාගෙන් සර්ප්‍රයිස් ගොඩක්…

186

නවකයන්ගෙන් අපටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා

උමාරා සිංහවංශ. ඇය අප හොඳින් හඳුනාගත්තේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික තලයේ දිදුලවන ගායිකාවක් ලෙසටය. කලින් කලට වෙනස්ම ආකාරයෙන් ප්‍රමිතිගත ගීත තිළිණ කරන ඇය අපට විවිධ නිර්මාණාත්මක පර්යේෂණ සිදුකරමින් ගීතද ඉදිරිපත් කරන්නීය. ගායිකාවක් ලෙසින් පමණක් නොව ඇය අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ඈ සතු පරිණත සංගීත දැනුම UMARA MUSIC STUDIO හරහා තිළිණ කරමින් සිටී.
එහි සංධිස්ථානයක් ලෙස එළැඹෙන ජුනි මස 21 වැනිදා One Mic – phase 3 නමින් පැවැත්වීමට සියලු කටයුතු ඇය සූදානම් කර අවසන්. එම ප්‍රසංගය සහ ඇගේ සංගීත ගමන පිළිබඳව ඇය මීවිතට හඬ අවදි කළ ආකාරයයි.

උමාරාගෙන් සර්ප්‍රයිස් ගොඩක්…

කොහොමද ජීවිතේ?

මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල කාලයක්. නමුත් බොහොම සතුටින් උනන්දුවෙන් වැඩ ටික කරගෙන යනවා.

මේ තරම් කාර්යබහුල වෙන්න හේතුව?

ඇත්තටම කාර්යබහුල වෙලා ඉන්නේ මගේ “උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි” එක මඟින් හැම වසරකම සංවිධානය වන One Mic ප්‍රසංගයේ “One Mic – phase 3” හි වැඩ කටයුතු නිසා. අපි මේ ප්‍රසංගය මිට වසර දෙකකට පෙර පටන් ගත්තේ “උමාරා මියුසික් ස්ටුඩියෝ” සංගීත පාසලේ ඉගෙන ගන්න දරුදැරියන් තුළින් අනාගත ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට සහ ජාත්‍යන්තර තලයේ තරුණ දක්ෂතාවලින් පිරි පරපුරක් බිහි කිරීමේ අරමුණින්. වසරක් පාසා සිදු කරන ප්‍රසංගයේ One Mic – phase 3 තමයි අපි මෙවර මේ සංවිධාන කරන්නේ.

“උමාරා මියුසික් ස්ටුඩියෝහි” ආරම්භයට ගියොත්?

2017 වසරේ පෙබරවාරි මාසයේ දී මගේ සංගීත පාසල ආරම්භ වන්නේ. මේ පාසලේ අරමුණ තමයි සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් සහ සංගීතයට ආදරය කරන නව පරපුරට සංගීතය තුළින් ආනාගතය සාර්ථක කර ගෙන සංගීතයෙන් ඉදිරියට එන්න අත්වැලක් සැපයීම. නිවැරදි තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් නිවැරදි ගායකයෙක් වෙන්නේ කොහොමද කියන දැනුම ඇකඩමිය යටතේ දරුවන්ට ලබා දෙනවා.

උමාරාගෙන් සර්ප්‍රයිස් ගොඩක්…

”‍One Mic – phase 3” ප්‍රසංගය කවද්ද තියෙන්නේ?

අපි මෙය පවත්වන්නේ ජුනි මස 21 වැනිදා BMICH හි ලෝටස් ශාලාවේදී සවස 7ට. මේකට අපි ලංකාවේ ඉන්න දැවැන්ත ගායක ගායිකාවන් පවා එකතු කර ගන්නවා. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ සංගීත ක්ෂේත්‍රයට එන්න ඉන්න සිසුන්ව පුහුණු කරලා” මාධ්‍යයට එන්න කියලා ඒ අයගේ දක්ෂතා එළිදැක්වීමක්.

මෙවර ඉන්න ගායන ලොවේ තරු කවුද?

Daddy සංගීත කණ්ඩායම එක්ක තමයි අපි මෙවර ප්‍රසංගය පවත්වන්නේ. ඊට අමතරව මෙතුන්” ෆැලන්” රිද්ම” දිනේෂ්” කයිසර් කයිස් අපි එක්ක ප්‍රසංගයට එකතු වෙලා ඉන්නවා.

මේ වසරේ සිදු කරලා තියෙන වෙනස්කම් මොනවාද?

ගිය වසරවලට වඩා මෙවර ප්‍රසංගයේ සුවිශේෂිත්වය තමයි ප්‍රසංගයට කලින් Graduation ceremony එකක් පවත්වනවා. මුල සිට මගේ “උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි” එක මඟින් ඉගෙන ගත්ත අයගේ convocation එක පවත්වන්න ප්‍රධාන උත්සවයක් තියෙනවා. ඒ එක්කම මෙවර මගේ පාසලේ දැනට සහභාගි වෙලා ඉන්න දරුවන්ගේ Audition Process එකෙන් පස්සේ දරුවන් 24 දෙනෙක් මේ ප්‍රසංගයට ඉදිරිපත් කරනවා. ඊට අමතරව අපේ රටේ ප්‍රවීණයන් සමඟ මේ වෙද්දී මේ සංගීත ක්ෂේත්‍රයේ නමක් හදන් ඉන්න අපේ ඇකඩමි එක මඟින් ඉගෙන ගත්ත ළමයි වෙනුවෙන් තමයි ‘One Mic – phase 3‘ ප්‍රසංගය පවත්වන්නේ. ඒ එක්කම අපේ ඇකඩමිය මගින් පුරුදු පුහුණු වුණු සුභාත් සංජුල” හරිත් විජේරත්න සහ සයුමි සසංගා කියන දරුවන් තිදෙනෙක්ගේ අලුත් මියුසික් වීඩියෝ ලෝන්ච් වෙනවා.

මෙවරත් ඔබේ අලුත් ගීතයක් එළිදැක්වෙනවද?

අනිවාර්යෙන්ම. ජුනි 21 වෙනිදාටම ඒ අවස්ථාව උදා වෙයි. ඒ එක්කම තව සර්ප්‍රයිස් කිහිපයක්ම එදාට දැකගන්න ලැබෙයි.

BMICH හි ප්‍රසංගය තියන්න හිතුවේ ඇයි ?

‘One Mic – phase 3. ප්‍රසංගයේ විශේෂත්වය තමයි මේ ප්‍රසංගයට කලින් අපේ සංගීත පාසලේ ඉගෙන ගෙන විභාගයට මුහුණ දුන් දරු දැරියන්ගේ සහතික පත්‍ර බෙදාදීම සිදු කරනවා. ඒ නිසා තමයි අපි මෙවර BMICH පරිශ්‍රය තෝරා ගත්තේ.

දවසින් දවස ක්ෂේත්‍රයට අලුත් අය එනවා” ඒ ගැන මොකක් ද අදහස?

ඒක අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. එතකොට තමයි ඕනෑම ක්ෂේත්‍රයක පැවැත්මක් තියෙන්නේ. නවකයන්ගෙන් අපටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් එක්ක අපිට ක්ෂේත්‍රයක් විදියට බොහෝ දුරක් යන්න පුළුවන්.

පුතත් සංගීත කටයුතුවලට කැමැත්තක් දක්වනවද?

තවම පොඩි නිසා අනාගතය ගැන ලොකුවට කියන්න බැහැ. මේ වෙද්දී නම් සංගීතයට වඩා ක්‍රීඩාව පැත්තට ගොඩක් බරයි.

ඔබේ සියලු කටයුතු වෙනුවෙන් ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මට මගේ සංගීත ගමන යන්න මගේ දෙමව්පියෝ” අයියලා දෙන්නා” නංගි ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයගේ සහයෝගය නැත්නම් අද මම මෙතන නැහැ. ඒ වගේම මගේ ආදරණීය සැමියා සහ මගේ පුතාවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝම මට ලබා දුන් සහ තවමත් ලබා දෙන සහයෝගය මත තමයි මම මේ තරම් සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

අනාගත බලාපොරොත්තු මොනවාද?

“උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි. එක තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන ගිහින් අනාගතයේදී මේ සංගීත ක්ෂේත්‍රයට ලංකාවේ ඉන්න හොඳම ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම බිහිකරන එක සහ මගේ පෞද්ගලික සංගීත ගමනේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන යන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment