නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත නව SLT-MOBITEL මූලස්ථානය වැලිකඩදී විවෘත වේ

52

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.

ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5ඨ කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත.

මෙම මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ලොව නවීනතම ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් යොදා ඇති අතර එමගින් වායුසමීකරණයන්, ජලය, විදුලි ආලෝකය සහ වෙනත් පහසුකම් භාවිතා වන ආකාරය නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම්දීම් ලබාදීම සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment