1970 ලව් ස්ටෝරි මගේ පළමු චිත්‍රපටය – සඳනි ප්‍රනාන්දු

160

බඳිමු සුදා අපි හිතුවාටත් වඩා ජනප්‍රිය වුණා


සම්මානනීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිර පිටපත් රචකයකු වන අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වන “1970 ලව් ස්ටෝරි” හරහා සිනමාවට අවතීර්ණ වුණු සඳනි ප්‍රනාන්දු ගැන මේ දිනවල හැමෝම කතා වෙනවා. සඳනිගේ නවතම සිනමා ගමන ගැන වගේම මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය ගැනත් මීවිත අප විමසා සිටියා.

● සඳනි” “1970 ලව් ස්ටෝරි” චිත්‍රපටයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

මට ඇත්තටම” මම නොහිතපු විදිහේ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. මම මේ චිත්‍රපටයේ හොල්මනකගේ චරිතයක් තමයි රඟපාන්නේ. මේ චරිතයේ මගේ දෙබස් එහෙම ගොඩක් අඩුයි. නමුත් චිත්‍රපටය නරඹපු අය ගොඩ දෙනෙක් මගේ හොඳ කිව්වා.

1970 ලව් ස්ටෝරි මගේ පළමු චිත්‍රපටය - සඳනි ප්‍රනාන්දු

● හැත්තෑවේ ආදර කතාව පටන් ගත්තා වගේම අවසන් වෙන්නෙත් ඔබගෙන්. මොකද හිතෙන්නේ?

ඇත්තටම මේක මගේ පළමු චිත්‍රපටය. මම ගොඩක් ආස කරන චරිතයක්. මේ චිත්‍රපටය හින්දා මට ගොඩක් ප්‍රවීණයන් සමග වැඩ කරන්න ලැබුණා.

● දෙබස් නැති හින්දා මුලින්ම චිත්‍රපටයේ රඟපාන්න බැහැ කියලා එහෙම හිතුණාද?

නැහැ. මේක මළගිය කෙනකුගේ චරිතයක්නේ. මගේ මුහුණෙන් ප්‍රකාශන ගොඩක් පෙන්වන්න තිබුණා. ඉතිං මම ඒකට ගොඩක් ආස කළා.

● මේක ඔබේ පළමු සිනමා අත්දැකීම නේද?

ඔව්” මේක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ ටික දවසටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක්.

● දැවැන්තයන් රැසක් එක්ක තමයි ඔබට වැඩ කරන්න ලැබෙන්නේ?

මම පෞද්ගලිකවම ආස කරන චරිත කිහිපයක්ම මේ චිත්‍රපටයේ ඉන්නවා. අනික මම ගොඩක් සතුටු වුණා ඒ අවස්ථාවේ එයාලත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ඒ වගේම ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

● හැත්තෑවේ ආදර කතාව නම් හැමෝම මේ දිනවල නරඹනවා. එතකොට ඔබේ ආදර කතාවට මොකද වෙන්නේ?

හැත්තෑවේ ආදර කතාව වගේම මගේ ආදර කතාවත් නිදහසේ ගලාගෙන යනවා.

● සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ ‘නෙහාරා’ ට ලැබෙන ප්‍රතිචාර?

නෙහාරාටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

● “නෙහාරා” සඳනිට සමානද?

නෙහාරා සඳනි එක්ක ගත්තොත් සඳනිට සමාන නැහැ. නෙහාරා නැටුම් ටීචර් කෙනෙක්. සඳනි නැටුම්වලට ලොකු කැමැත්තක් නැහැ. නෙහාරා විවාහක කාන්තාවක්. ඒක සඳනිට සමාන නැහැ. නමුත් මම ඒ චරිතයට හරි කැමතියි.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දිනවල රූගත කිරීම් සිදුකරනවා. පෙම්වතුන්ගේ දිනයට සිරස නාලිකාව හරහා විකාශනය වීමට නියමිත හාර්ට් ක්ලික් කියන ටෙලිනාට්‍යයක. ඒක පෙබරවාරි 14 වැනිදා තමයි විකාශනය වෙන්නේ.

● පෙම්වතුන්ගේ මාසයේ තමයි හැත්තෑවේ ආදර කතාව තිරගත වෙන්නේ?

මේක ඇත්තටම ආදරවන්තයන්ට සිනමාවෙන් ලැබුණු පුංචි තෑග්ගක්. හරිම ලස්සන ආදර කතාවක්. හැමෝටම ආරාධනා කරනවා ඒ ආදර කතාව නරඹන්න කියලා.

1970 ලව් ස්ටෝරි මගේ පළමු චිත්‍රපටය - සඳනි ප්‍රනාන්දු

● සඳනි ආදරවන්තයන්ගේ දිනය සමරන්න හිතාගෙන ඉන්නේ කොහොමද?

සඳනි මෙතෙක් කල් ආදරවන්තයන්ගේ දිනය එහෙම ලොකුවට සමරලා නැහැ. මේ වැලන්ටයින් එකෙත් එහෙම ලොකුවට සමරන එකක් නැහැ.

● වැලන්ටයින් දිනය විශේෂයි කියලා හිතෙන්නේ නැතිද?

වැලන්ටයින් දවස විතරක් අපි විශේෂ කරලා හරියන්නේ නැහැනේ. අපි හැමදාම වගේ ආදරය කරනවා. ඉතිං මට එක දවසක් විශේෂ වෙන්නේ නැහැ.

● මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

2024 මට ඉතාමත් හොඳ අවුරුද්දක් වගෙයි. හැම වැඩකින්ම වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

● සඳනි වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලි නාට්‍යයටද?

මම කලාවට ආදරය කරන නිසා ඒ දෙකටම එකහා සමානව කැමතියි.

● රඟපෑම තෝරාගන්න හිතුවේ ඇයි?

රඟපෑම අහම්බයක්. රංගනයට එන්න මගේ ලොකු සූදානමක් තිබුණේ නැහැ. නමුත් මම හිතනවා දැන් මම ඒ වැඩේ හොඳට කරගෙන යනවා කියලා.

● රඟපෑම අහම්බයක් කිව්වෙ?

ඔව්. ඒක අහම්බයක්. අවුරුදු කුමාරි කිරුළ හිමිවීමත් සමගම තමයි මට රඟපෑමට එන්න අවස්ථාව උදා වුණේ. පාසල් කාලයේ පටන් රංගනයට එන්න අදහසක් තිබුණේ නැහැ. නමුත් මම රඟපෑමට ආවට පසුව ඒ ගැන හැදෑරුවා.

● අද වෙනකොට ඔබේ වෘත්තිය?

මම දැනට වෘත්තීය රංගන ශිල්පිනියක්.

● පියත් සඳනි ආදර කතාව එක වහලක් යටට ගෙන එන්නේ කවදාද?

අපි තවම එහෙම දෙයක් තීරණය කරලා නැහැ. තව ටික කාලයක් ඒ සඳහා ගත වේවි.

● මේ දවස්වල පියත්ගේ අලුත් ගීතය හරි ජනප්‍රියයි?

ඔව් පියත්ගේ බඳිමු සුදා ගීතය අපි හිතුවාටත් වඩා ජනප්‍රිය වුණා. මේ වන විට මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා.

● රඟපෑමට පියත්ගෙන් ලැබෙන සහයෝගය?

මට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. ඒක තමයි එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය.

● රංගනයට සීමාවන් දාලා තිබෙනවාද?

එයා මට සීමාවන් කිසිවක් දාලා නැහැ. මම මගේ සීමාව දන්න නිසා මගේ සීමාව ඇතුළේ ඉඳලා වැඩ කරනවා. එහෙම නැතිව එයා මට කිසිම බලපෑමක් කරලා නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment