ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මහනුවර යයි

326


ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග කීපයකට සහභාගී වීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (30) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් වූ එස්.ජී.9045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබුණු අතර ඔවුහු දිවා ආහාරය ගැනීමෙන් පසුව මහනුවර බලා පිටත්ව ගියහ.
ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන මස 02 දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment