ආසියානු මේස පන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගය සෙනුර සහ බිමන්දිගෙන් වැඩි දස්කම්

129

ජාතික මේස පන්දු කණ්ඩායම තෝරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක කරන ලද අවසන් තේරීම් පරීක්ෂණය ආශ‍්‍රිතව කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ ‘සෙනුර සිල්වා’ සමත්වූ අතර මහනුවර හිල්වුඞ් විද්‍යාලය නියෝජනය කළ ‘බිමන්දී බණ්ඩාර’ ක‍්‍රීඩිකාවන් අතරේ මුල් ස්ථානය දිනා ගත්තාය.

එළඹෙන සැප්තැම්බර් මස දෝහා කටාර් හිදී පැවැත්වීමට නියමිත ආසියානු ශුරතා මේස පන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් තෝරා ගැනීම උදෙසා මෙම පරීක්ෂණය ක‍්‍රියාත්මක කරන්නට ශ‍්‍රී ලංකා මේස පන්දු සම්මේලනය කටයුතු කර තිබුණි.

එය ගල්කිස්ස සාන්ත තෝමස් ක‍්‍රීඩාගාරයේ දී පැවැත්වුණි

ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයින් 06 දෙනාම පරාජයට පත් කරමින් තම අපරාජිත බව සටහන් කර ගන්නට ‘සෙනුර සිල්වා’ සමත් වන අතර වාරයේ ‘ඉමන්දි බණ්ඩාර’ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාවන් 07 දෙනාම පරාජයට පත් කරන්නට සමත් වූවාය.

පිරිමි අංශයේ දෙවන ස්ථානය නාවික හමුදාව නියෝජනය කළ ‘නිමේෂ්

රංචාගොඩ’ තහවුරු කර ගත් අතර ‘මුතුමලී ප‍්‍රියදර්ශනී’ ( නාවික හමුදාව ) ට කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමිවිය.

තරගකරුවන් අතරේ චමීර ගිනිගේ සහ මිලින්ද ලක්ෂිත තරග 03 බැගින් ජය ගත් අතර තරග 02 බැගින් ජයග‍්‍රහණය කිරීමට ඉමන්ත උදයංග සහ චන්දුප අලහකෝන් ට හැකි වූහ. චනුල් ජයසිංහ ට එක් තරගයක ජයග‍්‍රහණය හිමි විය.

ඉෂාරා මධුරංගි, අයලා චිට්ටි, චමීෂා තුෂාදී සහ තනුෂී රුද්‍රිගෝ කාන්තා අංශයේ තරඟ 03 බැගින් ජයග‍්‍රහණය කළ අතර තරඟ 02 ක ජයග‍්‍රහණය ජිතාරා වර්ණකුලසූරියට සහ හංසනී පියුමිලා ට හිමි වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment