කොට උඩ ගිය ව්‍යාපෘතිවලට බිලියන 19ක දොළපිදේනි

305

මෙරට ව්‍යාපෘති මෙහෙයුම් ඒකකවල පවතින අඩුපාඩු හේතුවෙන් විදේශ ණය ලබාගෙන ඉකුත් වසර දහයේ දී (2012-2022) මෙරට ක්‍රියාත්මක වූ ආයෝජන ව්‍යාපෘතිවල කටයුතු ගිවිසුම් පරිදි අවසන් නොකිරීම නිසා රජය රුපියල් බිලියන 19ක බැඳීම් ගාස්තු නිෂ්කාර්යව ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ආයෝජන ව්‍යාපෘති සඳහා ඒ ඒ ණය දෙන ආයතන සමග එළඹ තිබූ ගිවිසුම් කාලසටහන අනුව ණය නිදහස් කර ගැනීමට නොහැකි වීම ඇතුළු ව්‍යාපෘති මෙහෙයුම් ඒකකවල පවතින විවිධ අඩුපාඩු මේ සඳහා හේතුවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර නොතිබීම, විවිධ පූර්ව අනුමැතීන් ලබාගත යුතු ආයතනවලින් අනුමැතිය ලබා නොගැනීම, මූලික සැලසුම් අනුව ව්‍යාපෘති මෙහෙයුම් කටයුතු සිදුනොකිරීම, නිසි දේශගුණික හා කාලගුණික පුරෝකථන සිදු නොකිරීම ආදි හේතු නිසා මේ අයුරින් රුපියල් බිලියන 19ක මුදලක් නිෂ්කාර්යව ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment