තව සති දෙකක් යනතුරු උත්තරපත්‍ර බලන්න බැහැ

83

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කර උත්තර පත්‍ර පරික්‍ෂණවලට යොමු වුවත් විභාග දෙපාර්තමේන්තු ප්‍රමාදයන් නිසා තව සති දෙකක් ගතවන තුරු උත්තර පත්‍ර පරීක්‍ෂණ කටයුතු පටන් ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටී.

ඇතැම් පාර්ශ්ව විශ්වවිiාල ආචාර්යවරුන් මත වරද පැටවීමට ක්‍රියා කළත් උසස් පෙළ උත්තර පරික්‍ෂණ සඳහා අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණයවත් තාමත් නැතැයි එම සම්මේලනයේ සභාපති බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා කියා සිටී.

අපොස උසස් පෙළ උත්තර පරික්‍ෂණ කටයුතු පමාවීමත් අපොස සාමාන්‍ය පෙළ කල් දැමීමත් අතර ඇති සම්බන්ධය පැහැදිලි නැතැයි ද ඒ මහතා පැවසීය. විශ්වවිiාල ආචාර්යවරුන්ට බලපා තිබෙන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයිද බන්නැහැක මහතා සඳහන් කළේය. එම සාකච්ඡාවෙන් පසුව උත්තර පත්‍ර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවද ඒ මහතා කීය. නමුත් එම කටයුතු ආරම්භ කිරීමට තව සති දෙකක්වත් යනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment