මූලික වටයේ තරග ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල ලක්ෂ 67 කින් තර කරයි

146

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි.

තරගයකදී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මුදලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබාදෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිධායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඒ අනුව පැවැති තරග 20 තුළදී පමණක් හයේ පහර 185ක්, හතරේ පහර 497 ක් සහ නිලකුණු පන්දු 1802 ක් වාර්තා වී ඇත. ඒ අනුව මේ සියල්ලේ වටිනා කම රුපියල් ලක්ෂ 67 ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment