පාසල් සිසුන් රැගත් බස් රථ අනතුරෙන් 7ක් මියගොස් 51කට තුවාල

307

නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී පල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 51 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

කොළඹ තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මියගොස් ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 3 දෙනකුට කිසිදු අනතුරක් නොමැතිව බේරි ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.

බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි.

නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment