නැන්දනිය බියගන්වා වසර 2ක් තිස්සේ අතවර කළ නරුම පුතා අත්අඩංගුවට

4683

වසර දෙකක පමණ කාලයක සිට තම වයෝවෘද්ධ නැන්දණිය බියගන්වා අපහරණයට ලක් කළ පුතෙකු ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්අට හැවිරිදි පුද්ගලයෙකි. අවිවාහක මෙම පැමිණිලිකාරිය, රෝගීව සිටින තම අවිවාහක සහෝදරයා රැක බලා ගනිමින් සිටින අතරතුර ඉකුත් 23දා මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය කියයි. තම වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වන අත්අඩංගුවට ගත් සැකකරු වසර දෙකක කාලයක සිට වරින් වර පැමිණ තර්ජනය කර බියවද්දා තමාට මෙවැනි කරදර සිදු කරන බවත්, ඇය සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයේ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනුරාධපුර – සශිනි මධුෂානි

advertistmentadvertistment
advertistmentadvertistment