සිනමාවට ‘අමුතු ගුරුකමක්’

100

ප්‍රවීණ සිනමාවේදී සුනිල් ප්‍රේමරත්න විසින් ඔහුගේ පස්වන සිනමා නිර්මාණය ලෙසින් ‘අමුතු ගුරුකමක්’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා, එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළු නිළියන්, කාර්මික ශිල්පීන් සහ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ ඉතාමත් චාම් අන්දමින් පවත්වනු ලැබීය. හාස්‍යෝත්පාදක හා කුතුහලය මුසුවූ මෙම සිනමා පටයේ කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, දුලීකා මාරපන, ජයනි සේනානායක, නිරෝශා තලගල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සමන් හේමරතන, කාංචනා ඛාන්, නදීකා ප්‍රශාන්ති, රෂ්මික ලක්ෂාන් සහ තත්සරණි පියුමිකා ඇතුළු ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන අතර, සංගීත අධ්‍යක්ෂණයෙන් අශාන් ප්‍රනාන්දු, සංස්කරණයෙන් ශාන් අල්විස්, කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක ඩී. බණ්ඩාර, සහය අධ්‍යක්ෂණයෙන් නලින්ද උදයසිරි, අංග රචනයෙන් තාරක අධිකාරි, කලා අධ්‍යක්ෂණයෙන් උපාලි උදයසිරි ද, නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි සහ නිෂ්පාදන කළමනාකරණයෙන් සුසන්ත ඩයස් අභයසිංහ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත. අධ්‍යක්ෂවරයාගේ කතා සංකල්පයක් මත, ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් රචිත තිර රචනය පදනම් කරගෙන නිර්මාණය වන ‘අමුතු ගුරුකමක්’ චිත්‍රපටය එස්.3 මූවී ක්‍රියේෂන් නිෂ්පාදනයකි.

සිනමාවට ‘අමුතු ගුරුකමක්’
සිනමාවට ‘අමුතු ගුරුකමක්’
සිනමාවට ‘අමුතු ගුරුකමක්’

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment