ගලෙන්බිඳුණුවැව හොර දොස්තර අත්අඩංගුවට

141

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සුදුසුකම් නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ අයෙකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි.

ගලෙන්බිඳුණුවැව පොලීසියට ලැබුණ තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව අලි වංගුව ප්‍රදේශයේ සුදුසුකම් නොමැතිව පෞද්ගලිකව වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන වයස අවුරුදු තිස් පහක (35) පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අනුරාධපුර ආහාර හා ඖෂධ පාලන ඒකකය එක්ව මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී එම ස්ථානයේ තිබී ඖෂධ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවයි. මොහු දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබද යම් විදිහකට ඉගෙනගෙන ඇතත් එම ඉගෙනීමද සාර්ථකත්ව අවසන් කර නොමැති බව පැවසේ.

සැකකාර මෙම පුද්ගලයා ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment