බාල වයස්කාරියකට ලිංගික අතවර කර නඩුව විභාග වෙද්දී – දැරිය හා 55 වියැති

1276

සැකකරු පලාගිහින් සැකකරු දැරියන් තිදෙනෙකුගේ පියෙක්

බාල වයස්කාරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ අධිකරණයේ නඩු කටයුත්ත විභාග වන අතරතුර වින්දිත දැරිය හා සැකකරු පලාගොස් ඇතැයි පන්නල පොලිසිය කියයි.

එලෙස පලාගොස් ඇත්තේ පන්නල ඇලබඩගම උඩකයාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි දැරියන් තිදෙනෙකුගේ පියෙකු බවත් 2022 වසරේදී එම සැකකරු විසින් එවකදී වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් දැරියගේ නිවසේදීම ලිංගිකව අපයෝජනය කර ඇති බවත් පොලිසිය පැවසීය.

අදාළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබියදී අධිකරණයෙන් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකර ලබාගැනීමට නියම කර තිබූ සමාජරෝග වාර්තාව අනුව එම සැකකරු දැඩි අවධානමකින් සිටි බවට තොරතුරු අනාවරණයව තිබිණ.

2022 වසරේදී දැරියගේ පියා සමගින් මත්පැන් පානය කර පියාට නින්ද ගොස් සිටියදී එසේ දැරිය ලිංගික අපයෝජනයකට ලක්කර තිබූ බවත් පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේදී කිහිපවරක් එසේ හැසිරී ඇති බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

ඉනික්බිතිව දැරිය අධිකරණය මාර්ගයෙන් මව භාරයට පත්කර තිබූ අතර එහිදී ඉකුත් 05 දින දැරිය අදාළ සැකකාර පුද්ගලයා සමගින් පලාගොස් ඇති අතර දැරියගේ මව විසින් සිදුකළ පැමිණිල්ල අනුව පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා සාවිත්‍රී සිරිමාන්න, කාන්තා පොලිස් කොස්තාපල් ශ්‍යාමලී (8812) යන නිලධාරීන් ඇතුලු පිරිසක් පරීක්‍ෂණ මෙහෙයවති.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment