දීමනාව වැඩි නොකළාට එරෙහිව PHI ලා වාර්තා දීම අත්හිටුවති

67

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යෑමට සාපේක්ෂව දීමනාව ඉහළ නොදැමීම ඇතුළු ගැටලු කිහිපයකට රජයෙන් සාධනීය පිළිතුරක් නොලැබීම නිසා අද (08 දා) සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සියලුම වාර්තා ලබාදීම අත්හිටුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට පැවසීය.මීට අමතරව ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ද ඉවත්වන බව හෙතෙම කීය.

පවතින තත්ත්වය තුළ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගිවීම ද නතර කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment