‘කුඩු ධනු’ අයිස් කිලෝ 10ක් සමග දැලේ

256

විදේශයක සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මාතර කල්ප’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ‘කුඩු ධනු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (06 වැනිදා) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 19/4, කුඩා බුත්ගමුව, අංගොඩ ලිපිනයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 50 ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 12,000ක් හා ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කලාපයේ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එස්. එච්. පීරිස් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment