ටින් එක වසරක් පමා කරන්නලු

123

අවශ්‍ය පහසුකම් හා රැමිස් තාක්‍ෂණ පද්ධතියේ වෙනස්කම් සිදුකරන තෙක් බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) අනිවාර්යය කිරීම වසරකින් පමණ කල් දමන ලෙස වෘත්තිය සමිති වශයෙන් රජයෙන් ඉල්ලා සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

බදු අංකය ලබාදීම සඳහා අනුමැතිය ලබාදෙන මම්ටම් දෙක එක් මට්ටමක් දක්වා අඩු කිරීම පහසුවෙන් ටින් අංකයක් ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සහ අදාළ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඇති කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය පහසුකම් සැලසීම යන කරුණු ඉටුවිය යුතුව ඇති බවත් එම කරුණු ඉටුවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පහසුවෙන් ටින් අංකයක් නිකුත් කිරීමේ හැකියාව ඇති වන බවත් දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම්වරයා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment